නැගෙනහිර වෙරළ තීරයේ මියාගි ප්‍රාන්තයේ ප්‍රධාන වරාය නගරයක් වන ඉෂිනොමාකි වරායේ සෙන්ටිමීටර 50 (අඟල් 19.6) ක් තරම් උස රළ වාර්තා වූ බව ජපානය වාර්තා කරනවා.
වෙනත් ස්ථාන වල පළමු සුනාමි රළ 20cm සිට 40cm (අඟල් 7.8 සිට 15.7) දක්වා වූ සුනාමි රළ පැමිණ තිබෙනවා.
ජපාන බලධාරීන් අවධාරණය කරන්නේ දෙවන සහ තෙවන රළ මීට වඩා විශාල විය හැකි බවයි.
සුනාමි රළ සාමාන්‍ය රළවලට වඩා ප්‍රබල බවත්, සෙන්ටිමීටර 50 ක රළකට කිලෝග්‍රෑම් 200 (රාත්තල් 440) දක්වා බලයක් රැගෙන යා හැකි බවත් NHK වර්ල්ඩ් මීට පෙර අනතුරු ඇඟවීය.

