මෙම වසරේ දැක ගැනීමට හැකිවන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන ”Southern Delta Aquariids” උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දැක ගැනීමට හැකියාව බව අභ්යවාක විද්‍යාඥ, ඉන්ජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා.
වන ඇක්වාරිස් නැතහොත් ”කුම්භ” යන තාරුකා ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව දැක ගැනීමට හැකි වීම හේතුවෙන් එය ‘Southern Delta Aquariids ලෙස නම් කර තිබෙනවා.
මෙම උල්කාපාත වර්ෂාව රාත්‍රී 9.00ට පමණ නැගෙනහිර දිශාවෙන් ඉහළට මතු වෙන අතර පසුව අහසේ මුදුන් වී පසුව අහසේ බටහිර දිශාවට ගමන් කරනු ඇත.
ඒ අනුව උල්කාපත වර්ෂාව රාත්‍රී 9.00 පසුව ඕනෑම අවස්ථාවක දැක ගැනිමට හැකි වෙනවා
මෙය නිරීක්ෂණය කිරීමට වඩාත් සුදුසු වෙලාව වනුයේ මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලාව වනවා.
එවැනි අවස්ථාවක උල්කාපත වර්ෂාව ආශ්‍රිතව උල්කාපත 15 සිට 25 ප්‍රමාණයක් නිරීක්ෂණය කිරීමට හැකියාව පවතිනවා.
මෙම උල්කාපාත වර්ෂාවට අමතරව මෙම දිනවල ”Alpha Capricornids” උල්කාපාත වර්ෂාව ද නිරීක්ෂණය කළ හැකි වනවා
මේ උල්කා වර්ෂා දෙකම අඟහරුවාදා (29) රාත්‍රියේ සිට බදාදා (30) දක්වා උපරිමයට පැමිණෙන අතර, අගෝස්තු 12 වන දින දක්වා නිරීක්ෂණය කළ හැකි වනවා.

