වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම චීනයෙන් ඩොලර් 500ක්

චීන රජය විසින් උපත් අනුපාතය ඉහළ නැංවීම අරමුණු කරගත් ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස, වයස අවුරුදු තුනට අඩු සෑම දරුවෙකුටම වසරකට යුවාන් 3,600 එනම් ඩොලර් 500ක් ලබා දීමට තීරණය කර තිබෙනවා.

එරට ක්‍රියාත්මක වුණු මතභේදාත්මක එක්-දරු ප්‍රතිපත්තිය අහෝසි කිරීමෙන් පසුව පවා චීනයේ උපත් සංඛ්‍යාව අඩු වීමෙන් එරට ජනගහනය විශාල ලෙස පහළ යමින් පවතිනවා.

මෙම සහනාධාරය ලබා දීම චීනය පුරා පවුල් කිහිපයක ක්‍රියාත්මක කිරීමටයි එරට රජය සැලසුම් කර ඇත්තේ.

සඳුදා ප්‍රකාශයට පත් කරන ලද මෙම යෝජනා ක්‍රමය මගින් දෙමාපියන්ට එක් දරුවෙකු සඳහා යුවාන් 10,800 ක් දක්වා මුළු දීමනාවක් ලබා දෙනු ඇත.

එසේම 2022 සහ 2024 අතර උපත ලැබූ දරුවන් සිටින පවුල්වලට අර්ධ සහනාධාර සඳහා ද ඉල්ලුම් කළ හැකි වනවා.

ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව චීනය 2024 දී ළදරුවන් මිලියන 9.54 ක උපතක් වාර්තා කර තිබෙනවා.