අපවත් වී වදාළ අස්ගිරි මහ විහාර පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.
මහනුවර අස්ගිරි පොලිස් ක්‍රීඩාංගණයේ දී අද පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම කටයුතු සිදුකිරීමට නියමිතය.
මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී උන්වහන්සේ පසුගිය 21 වන දා අපවත් වුණා.
අපවත් වී වදාළ අති පුජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමිගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ අතිපුජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමි අනුස්මරණ ශාලාවේ තැන්පත් කර තිබේ.

