දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (24) තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 55-60ත් අතර තද සුළං ඇති විය හැකිය.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40-50ත් අතර තරමක තද සුළං තත්ත්වයන් ඇති වියහැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

