ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රහාර හේතුවෙන් එරට න්‍යෂ්ටික වැඩසටහන වසර එකකින් හෝ දෙකකින් ආපස්සට ගොස් ඇතැයි පෙන්ටගනය නිවේදනය කරනවා.
ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක ෂෝන් පාර්නෙල් ප්‍රකාශ කළේ ඇමරිකාව විසින් ඉලක්ක කර ගත් න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනම විනාශ වී ඇති බවයි.
එසේම ඔවුන්ගේ වැඩසටහන අවම වශයෙන් වසර එකක සිට දෙකකින් පහත හෙලු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
කෙසේවෙතත් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් කිසිදු නිල තක්සේරුවක් ඉරානය විසින් සිදු කර නැහැ.
ඇතැම් ඉරාන නිලධාරින් කියා සිටියේ ඇමරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් න්‍යෂ්ටික පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුවී ඇති බවයි.
එසේම ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි පැවසුවේ ඇමරිකාව සහ ඇමරිකානු ජනපති ට්‍රම්ප් සිය ප්‍රහාර පිළිබඳව අතිශයෝක්තියකින් යුතුව කටයුතු කරන බවයි.

