ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක්

ළමුන් හදිසි අනතුරුවලට ලක්වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බව දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය පවසනවා .

ජාතික අනතුරු නිවාරණ සතිය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පල කළා.

“දකුණු ආසියාතික රටක් විදියට ඉතාම ඉහළ මට්ටමක පවතිනවා. හැබැයි ඒ වගේම අවාසනාවකට වගේ අපේ රටේ දත්ත බැලුවහම හදිසි අනතුරු නිසා දරුවන්ට වෙන හානිය එන්න එන්නම වැඩිවෙනවා. කුඩා ළමයින්ව අපි අවුරුදු 16ක් වෙනකල් බලාගන්නවා. ඒකෙන් වයස් කාණ්ඩ දෙකක් ගොඩක් වෙලාවට හදිසි අනතුරුවලට ලක්වෙනවා. එකක් තමා අවුරුදු 2 සහ 3 අතර නොදැනුවත්ව කරන අත්හදා බැලීම් නිසා වෙන හදිසි අනතුරු. ඊළඟට නව යෞවුන් වියට යන අවුරුදු 12 – 14 ළමුන් කරන අත්හදා බැලීම් නිසා වෙන අනතුරු. අනතුරු විවිධාකාරයි. වැටීම් සහ සීරිම් සහ පිළිස්සීම් තමා මේ අතර බහුලව දරුවන්ට සිදුවන අනතුරු.”