න්‍යෂ්ටික අනතුරක දී පිටවන විකිරණ මට්ටම් නිරීක්ෂණයකට විශේෂ පද්ධතියක්

න්‍යෂ්ටික අනතුරකදී විකිරණ මට්ටම් නිරීක්ෂණය කිරීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව පියවර ගෙන තිබෙනවා.

මෙය ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ සහයෝගීත්වය යටතේ ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන කවුන්සිලයේ පරික්ෂා කිරීම් සහ බලාත්මක කිරීමේ අංශයේ අධ්‍යක්ෂ ප්‍රගීත් කඩදුන්න මහතා පවසන්නේ දිවයින පුරා ස්ථාන 05ක එනම්, කල්පිටිය, මන්නාරම, ඩෙල්ෆ්, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන නාවික හමුදා කඳවුරු කේන්ද්‍ර කරගනිමින් මෙම පද්ධති ස‍්ථාපනය කර ඇති බවය.

අවට රටවල න්‍යෂ්ටික බලාගාරවල සිදුවන ස්වභාවික හෝ කෘතිම අනතුරු හේතුවෙන් මෙරටට ඇතුළුවිය හැකි විකිරණ හඳුනා ගැනීම මෙම පද්ධතියේ අරමුනයි.