මාස පහට අල්ලස් කොමිසමට පැමිණිලි 2,221ක්

 2025 වසරේ මුල් මාස පහ තුළ අල්ලස් කොමිසම වෙත පැමිණිලි 2,221ක් ලැබී තිබෙනවා. 

මෙම පැමිණිලිවලට අදාළව හිටපු අමාත්‍යවරුන්, පොලිස් නිලධාරීන්, විදුහල්පතිවරුන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. 

එසේම වසරේ මුල් මාස 5 තුළ දඬුවම් සහ රාජසන්තක කළ වත්කම් ලෙස රුපියල් 1,437,500ක් රැස් කරගෙන තිබෙනවා.

පසුගිය මැයි මස 31 වැනිදා වන වන විට, නඩු 272ක් විභාග වෙමින් පැවති බව ද අල්ලස් කොමිසම පවසනවා.