භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් යළි ධාවනයට

භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බව, ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසනවා.

එසේම ලංගම බස් ප්‍රමාණය වැඩී කිරීමට ද රජය මුදල් වෙන්කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ලංගම රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ගේ පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් දිවයින පුරා සංගණනයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව එම පුරප්පාඩුව පවතින රියැදුරන් සහ කොන්දොස්තරවරුන් ලැයිස්තුව, බඳවා ගැනීමට අනුමැතිය ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍ය අනුකමිටුව වෙත ඉදිරිපත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.