2025 ජූනි මස වනවිට ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ජනනයෙන් 70%ක ප්‍රතිශතක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරාගෙන ඇති බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කරනවා.
1990 දශකයේ මුල් භාගයෙන් පසු, මෙලෙස සම්පූර්ණ විදුලිබල ජනනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවවලින් සපුරා ගත් පළමු අවස්තාව මෙය වීම විශේෂත්වයක්.
එසේම අනෙකුත් මාසවලට වඩා ඉහළ ඉල්ලුමක් මෙම මාසයේ පෙන්වා ඇති තත්ත්වයක් යටතේ මෙය සම්පූර්ණ කරගෙන තිබෙන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ.
මෙරට විදුලිබල සැපයුම 100% ක්ම පාහේ ජල විදුලිය මත පදනම් වූ මුල් කාලීන ප්‍රතිපත්තියෙන් සහ ඉන්පසු කාලයේ අනුගමනය ජල විදුලි-තාප විදුලි මිශ්‍ර ප්‍රතිපත්තියෙන් අපගමනයවීමක් පෙන්වන බවද විදුලිබල මණ්ඩලය පවසයි.
එය ශ්‍රී ලාංකීය විදුලිබල පද්ධතියේ පුනර්ජනනීය දායකත්වය වැඩි කිරීමට ලංවිම ගෙනයන ස්ථිරසාර වැඩපිළිවෙලේ සාර්ථකත්වය පිළිබිඹු කරන බව විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරනවා.

