ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලියේ වායු දූෂණය අවම කිරීම අරමුණු කර ගනිමින් කෘතිම වැසි ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව එම ප්‍රදේශයේ කාලගුණික තත්ත්වයන්ට අනුව ජූලි 4 සිට 11 දක්වා මෙම වලාකුළු බීජ වැපිරීම සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි දිල්ලියේ පරිසර අමාත්‍ය මන්ජින්දර් සිං සිර්සා පැවසුවේ.
මෙය ගුවන් යානා උපකාර කර ගෙන සිදු කරන අතර මිනිත්තු 90 ක් පමණ පවතින එක් ගුවන් ගමනක් පවතිනවා. එම එක ගුවන් යානයකින් වර්ග කිලෝමීටර් 100 ක් පමණ ආවරණය වනු ලබනවා.
රිදී අයඩයිඩ් නැනෝ අංශු, අයඩීකෘත ලුණු සහ පාෂාණ ලුණු ඇතුළත් වන මිශ්‍රණයක් මෙම ගුවන් යානා වලින් විසිරුවා හරිනු ලබනවා.
ඒවා තෙතමනය බහුල වලාකුළු වල ජල බිඳිති සෑදීම වේගවත් කිරීමෙන් කෘතිම වැසි උත්ප්‍රේරණය කිරීමට නිර්මාණය කරන බවයි එම මිශ්‍රණය සැකසූ කාන්පූර් හි IIT සඳහන් කර ඇත්තේ.
එසේම නියමිත කාල සීමාව තුළ කාලගුණය අහිතකර ලෙස පැවතුනහොත්, මෙම බීජ වැපිරීමේ ක්‍රියාවලිය පසු දිනක පැවැත්විය හැකි වන පරිදි විකල්ප දිනයන් ද යෝජනා කර එවන ලෙසයි ඔහු සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් (DGCA) වෙත දන්වා යවා ඇත්තේ.
දිල්ලි වැසියන්ට පිරිසිදු වාතය ලබා දීම අපගේ අරමුණ වන බවත්, එය සාක්ෂාත් කර ගැනීම සඳහා රජය හැකි සෑම විසඳුමක්ම සලකා බලන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

