ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර සාකච්ඡාවකින් පසුව ලුණු සඳහා උපරිම සිල්ලර මිලක් තීරණය කර ඇති බවට වන මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ.
එසේම එම අධිකාරිය අවධාරණය කරන්නේ එවැනි සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සහ ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය අතර පවත්වා නැති බවයි.
කෙසේවෙතත් උපරිම සිල්ලර මිලක් පැනවීමේදී අදහස් ලබාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ස්වාධීනව ක්‍රියාත්මක වන පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව විසින් ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය සමග සාකච්ඡා කර තිබෙනවා.
එහි දී මතු වූ කරුණු සැලකිල්ලට ගෙන නියම කළයුතු උපරිම සිල්ලර මිලක් පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් තීරණය කරනු ලැබුවහොත් පමණක් එම මිල ගණන් අධිකාරිය වෙත දැනුම් දීමටයි එකී සභාව කටයුතු කරන්නේ.
ඒ අනුව අදාළ මිල ගණන් ගැසට්පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීමට ඉදිරියේ දී අධිකාරිය විසින් කටයුතු කරනු ඇත.

