ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරයේ 81ක් ජීවිතක්ෂයට

සෙනසුරාදා මධ්‍යහ්නය දක්වා පැය 24 තුළ ගාසා තීරය හරහා ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයින් 81 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එසේම 400 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

එහි දී ගාසා නගරයේ ක්‍රීඩාංගනයක් අසල ප්‍රහාරයකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බව අල්-ෂිෆා රෝහල් කාර්ය මණ්ඩලය සඳහන් කරනවා.

කූඩාරම්වල ජීවත් වන අවතැන් වූ පුද්ගලයින් නවාතැන් ගැනීම සඳහා එම ක්‍රීඩාංගනය භාවිතා කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදා මෙතෙක් අදහස් දක්වා නැහැ.

මේ අතර ඊශ්‍රායලය සහ ගාසා තීරයේ, සටන් විරාමයක් සඳහා ඉදිරි සතිය වන විට එකඟ විය හැකි යැයි තමන් බලාපොරොත්තු වන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.