පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.3 ක භූමිකම්පාවක්

පිලිපීනයට, එරට දේශීය වේලාවෙන් පෙ.ව. 10:58 ට පමණ රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් හටගෙන තිබෙනවා.

එය පිලිපීනයේ ඩාවෝ නගරයට කිලෝමීටර 487 ක් නැගෙනහිරින් පිහිටි පිලිපීන මුහුදේ හට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

භූමිකම්පාව හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් කිසිවක් නිකුත් කර නැහැ.

එසේම සිදු වූ ජිවිත හෝ දේපල හානි සම්බන්ධයෙන් ද වාර්තා වී නැහැ.

පිලිපීනය පැසිෆික් ගිනි වළල්ලේ පිහිටා ඇති බැවින් එහි පිහිටීම හේතුවෙන් නිතර භූ කම්පන ක්‍රියාකාරකම් අත්විඳින අතර, වාර්ෂිකව භූමිකම්පා 13,000 ක් පමණ සිදු වනවා.