ඊශ්‍රායලයට යන්න බලන් ඉන්න විදේශිකයන්ට දැනුම් දීමක්

පවතින යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයට නියමිත දින පැමිණීමට නොහැකි වූ විදේශිකයින්ගේ RE-ENTY වීසා කාලය දීර්ඝ කිරීමට PIBA ආයතනය කටයුතු කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.

තානාපතිවරයා පැවසුවේ මේ සම්බන්ධව සියලු ගුවන් සේවාවලට දැනුම් දී ඇති බවත් ඊශ්‍රායලය වෙත පැමිණීමට ගුවන් යානා ආරම්භ කළ පසු අවහිරයකින් තොරව ඔවුන්ට ඊශ්‍රායලය කරා පැමිණීමට හැකි වනු ඇති බවත්ය.

මේ අතර ඉන්දීය රජය මගින් ක්‍රියාත්මක කර ඇති අම්මාන් අම්මාන් ගුවන්තොටුපොළේ සිට නවදිල්ලිය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානයේ ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා.

ඒ අනුව අදාළ ගුවන් යානය එළැඹෙන 25 වැනි දින ගමන් කිරීමට නියමිත බවද නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය.

තවද ඉදිරි දින කිහිපය තුළ ඊජිප්තුව හරහා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටිනවා.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති පිරිස 05 දෙනෙකු බවයි තානාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.