ඉරානය සහ ඊශ්‍රායලය අතර වූ ගැටුම් තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර ඔවුන් ඊයේ දිනයේ ද මිසයිල හුවමාරුවක් සිදු කර ගෙන තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ සන්නද්ධ හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියා මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක හොසේන් කර්මන්පූර් පවසා ඇත්තේ පසුගිය පැය 65 තුළ ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 244 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
එසේම තවත් පුද්ගලයින් 1,277 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් 90%ක්ම සිවිල් වැසියන් වනවා.
ඉරානය විසින් ඊයේ දිනයේ එල්ල කරන ලද ප්‍රහාර වලින් ඊශ්‍රායලයේ පුද්ගලයන් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වී තිබෙනවා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ දෙපාර්ශ්වයම ගිවිසුමක් ඇති කර ගත යුතු බවයි.

