කොළඹ පුරපති කවුරු වෙයි ද ? තීරණය අද

කොළඹ මහා නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීම සදහා ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසනවා. 

කොළඹ මහා නගර සභාවේ මංගල සභා වාරය බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පැවැත්වීමට නියමිතයි. 

එහිදී නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරාපත්කර ගැනීමට සඳහා ඡන්ද විමසීමක් පැවැත්වෙනවා,

පසුගියදා පැවැති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් බහුතර බලයක් දිනා ගැනීමට කිසිදු තනි පක්ෂයකට නොහැකි වීම හේතුවෙන් තවමත් කොළඹ නගරාධිපති ධූරය පවතින්නේ හිස්වයි.

ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට කොළඹ මහ නගර සභාවේ සභික ධුර 48ක් හිමි වූ අතර සමගි ජන බලවේගය සහ සෙසු පක්ෂ අතර සභික ධුර 64 ක් බෙදී ගියා.