ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පළාත් පාලන අපේක්ෂකයින් 2400 කගේ නම්, නීතිමය කටයුතු සඳහා පොලීසියට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් අනතුරුව පොලීසිය නීතිපති උපදෙස් මත ඉදිරි ක්රියාමාර්ග ගනු ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසුවේ.
මෙවර පළාත් පාලන ඡන්දයට ඉදිරිපත්වූ 7,690 දෙනෙකු ආදායම් හා වියදම් වාර්තා ලබාදී තිබෙනවා.
මේ අතර පළාත් පාලන ඡන්දයෙන් තේරීපත්වූ සභිකයින් 223 කුගේ නම් ද මෙතෙක් කොමිසමට ලැබී නොමැති බවයි සභාපතිවරයා සඳහන් කරන්නේ.

