පසුගිය දා පැවැත්වුණු 2025 ලෝක රූ රැජින තරඟාවලිය ජයග්රහණය කළ තායිලන්තයේ Opal Suchata Chuangsri අද සිය රටට පැමිණියා.
ඇය වෙනුවෙන් සුවර්ණභූමි ගුවන්තොටුපළේ සිට විශේෂ සැමරුම් පෙළපාලියක් සූදානම් කර තිබු අතර ඒ සඳහා දහස් ගණන් ජනතාව එක්ව සිටියා.
පෙළපාලියේ ඇය සඳහා විශේෂ රථයක් ද සූදානම් කර තිබුණා.
Opal ලෝක රූ රැජින කිරුළක් දිනා ගත් පළමු තායිලන්ත යුවතිය වීම විශේෂත්වයක්.











