පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයට 2 වැනි මට්ටමේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
එසේම කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට 1 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

