නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය, අද(13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාවිරහිත කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එය අවසන් කිරීම සඳහා දින 25ක කාලයක් ගතවන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සදහන් කළේ.
එම ජනන යන්ත්‍රය අක්‍රීය කිරීමෙන් ජාතික පද්ධතියට අහිමිවන විදුලි ධාරිතාව, මෙගාවොට් 300ක් වනවා.
මේ අතර නඩත්තුවක් හේතුවෙන් මාස එකහාමාරක පමණ කාලයක් අක්‍රීය කර තිබූ කැළණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අද මධ්‍යම රාත්‍රියේ සිට යළි සක්‍රීය කිරීමට නියමිතයි.
ඉන්, ජාතික පද්ධතියට එක් කෙරෙන විදුලි ධාරිතාව, මෙගාවොට් 165ක් වනවා.
පවතින වැසි තත්වයත් සමග ජල විදුලි නිෂ්පාදනයට වැඩි අවස්ථාවක් පැවතීම හේතුවෙන් මෙලෙස විදුලි බලාගාර නඩත්තු කටයුතු සිදුකරන බවයි වැඩිදුර අදහස් දක්වමින් විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

