ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන, හමුදා මූලස්ථාන, හමුදා අණ දෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය විසින් ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

Operation Rising Lion මෙහෙයුමේ කොටසක් ලෙස මෙම ප්‍රහාරය දියත් කළ බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ.

එසේම ඉරානය ඊශ්‍රායලයේ පැවැත්මට තර්ජනයක් බව ද එහි දී ඔහු කියා සිටියා.

මේ හේතුවෙන් ඉරානය පුරා හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමටයි එරට ආරක්ෂක අමාත්‍ය Israel Katz පියවර ගෙන ඇත්තේ.

මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ළඟ දී ම ඊශ්‍රායලය වෙත ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පවසනවා.

මේ අතර ප්‍රහාරවලට එක්සත් ජනපදයේ මැදිහත්වීමක් හෝ සහායක් නොතිබූ බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අවධාරණය කරනවා.