ඉන්දියාවට ඔබ්බෙන් වූ කේරළ සමුද්‍ර තීරයේදී පසුගියදා අනතුරට ලක්වූ MSC Elsa 3 නෞකාවේ අන්තරායකර බහාලුම් 13ක් තිබී ඇති බව පරිසර අමාත්‍යශය අනාවරණය කරනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක ලේකම් අර්. එච්.එම්.බී. අබේකොන් මහත්මිය පැවසුවේ එම නෞකාවේ තිබූ ඇතැම් ද්‍රව්‍ය මේ වනවිට මෙරට වෙරළ තීරයන්ට ගොඩගසා ඇති බවය.
එසේම පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම නෞකාවේ තිබෙන ද්‍රව්‍යයන් මෙරට වෙරළ තීරයට ගොඩගැසීම තවදුරටත් ඉහළ යාහැකි බවයි ඇය අවධාරණය කරන්නේ.
මේ අතර වෙරළට ගොඩගසන ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණවර්ධන මහතා පැවසුවේ.

