Elon Musk සමඟ තිබූ සම්බන්ධය අවසන් බව ඇමරිකානු ජනපති Donald Trump ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා NBC ප්රවෘත්ති වෙත Trump මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
එසේම තමන් පළුදු වූ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට ද අකමැති බවයි Trump එහි දී සඳහන් කර සිටියේ.
ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයට මිලියන ගණනක් පරිත්‍යාග කර ධවල මන්දිර සහායකයෙකු ලෙස Musk ක්‍රියා කරමින් සිටි නමුත් ප්‍රධාන දේශීය ප්‍රතිපත්තියක් වන ජනාධිපතිවරයාගේ බදු සහ වියදම් පනත ප්‍රසිද්ධියේ විවේචනය කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා අතර අමනාපකම් හට ගත්තා.
Doge නම් වූ ඇමරිකානු කාර්යක්ෂම දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි Musk දින 129 කට පසුව එම තනතුරින් ඉවත් වූවා.
Trump විසින් සම්මත කර ගන්නට යන බදු පනත සම්මත වුවහොත් ජාතික හිඟයට ඩොලර් ට්‍රිලියන ගණනක් එකතු වන අතර, රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ඔහු කළ කාර්යය සහ රජයේ වියදම් කපා හැරීමට දරන උත්සාහයන් ද අඩාල වන බවයි Musk කියා සිටියා.

