පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් 7,000ක්

පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා දන්සැල් හත්දහසකට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

හෙට පස්වරුව දක්වා දන්සැල් ලියාපදිංචි කිරීම සිදු කරන බවයි එම සංගමයේ ලේකම් එච්.සී. මුතුකුඩ සඳහන් කළේ.