පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක බවයි.
මෙම දුම්රිය ගමන්වාර සඳහා පෞද්ගලික ආයතනයක් සම්පූර්ණ වියදම් දරා ඇති බැවින් මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබා දෙන බවයි හෙතෙම සඳහන් කරන්නේ.
මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (09) වන දින සිට එළැඹෙන 12 දින දක්වා ක්‍රියාත්මකයි.
මීට සමගාමීව නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීමද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුරය දක්වා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයිද එම පහසුකම් දුම්රිය ස්ථානය මගින් ලබා ගැනීමේ හැකියාව ඇතැයිද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

