e – තක්සලාවට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව විෂය මාලාවක්

අදට යෙදී ඇති ලෝක ආහාර සුරක්ෂිතතා දිනයට සමගාමීව ඊ- තක්සලාවට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව විෂය මාලාවක් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එක් කර තිබෙනවා. 

විද්‍යූත් ඉගෙනුම් විෂය මාලාවක් හරහා මෙරට සිසුන් ආහාර සුරක්ෂිතතාව විෂය ඉගෙනුම අරඹන ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. 

මෙම විෂය මාලාව වයස අවුරුදු අටේ සිට 12 දක්වා ළමයින් සඳහා නිර්මාණය කර ඇති අතර ඒ තුළ අන්තර් ක්‍රියාකාරී මොඩියුල 27 ක් මෙන්ම ආහාර සුරක්ෂිතතා සංකල්ප ඇතුළත් දෘෂ්‍ය නිරූපණ වීඩියෝ පාදක පාඩම් 14 ක් ඇතුළත් වනවා . 

මෙම ව්‍යාපෘති එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ සහය සහ යුරෝපා සංගමයේ මුල්‍ය දායකත්වයෙන් සිදු කරන්නකි.