පශූ වෛද්‍යවරුත් අනිද්දා වැඩ වර්ජනයක

රජයේ පශූ වෛද්‍ය නිලධාරි සංගමය අනිද්දා සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා

කොළඔ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති උපුල් රංජිත් කුමාර කියා සිටියේ ව්‍යස්ථාවේ පවතින ගැටලු‍ වලට විසදුම් ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර පරිපූරක වෛද්‍ය සේවා 05 ක් එක්ව ආරම්භ කළ වර්ජනයෙන් සේවා 04 ක සේවකයින් අද පෙරවරු 08 වර්ජනය අවසන් කරනු ලැබුවා.

කෙසේවෙතත් කාර්යමණ්ඩලය නොමැති වීම හේතුවෙන් සායන කටයුතු ඇතුලු රෝහල් පරීක්‍ෂණ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව ප්‍රතිකාර ලබා ගැනිම සදහා පැමිණි රෝගීන් පවසනවා.