පොසොන් සතිය හේතුවෙන් අනුරාධපුර ප්‍රදේශයේ පාසල් කිහිපයක් අද (07) සිට ලබන 12 වනදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර නගරය අවට පාසල් 12ක් මෙම කාලය තුළ වසා තැබීමට පියවර ගෙන ඇති බවයි උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
පොසොන් සතිය අදින් ආරම්භ වූ අතර එය ලබන 13 වනදා දක්වා පැවැත්වෙයි.

