ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමග ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
40 හැවිරිදි ජර්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග සබඳතා පැවැත්වු පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
මේ අතර මේ වන විට ජර්මනියෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 391,355 දෙනෙකු වාර්තා වී තිබේ.
එමෙන්ම එරටින් කොවිඩ් මරණ 9,999ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

