මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටියට ඇඳිරි නීතිය

කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 05කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

කොවිඩ් නයිටීන් වෛරස ආසාදනය පාලනය කිරීම සඳහා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පැනවු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.