ඉල්ලීම් 15ක් මුල් කරගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය විසින් දිවයින පුරා ඊයේ පස්වරුවේ සිට දෙදින සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
මේ අතර සිය ඉල්ලීම් සම්බන්ධයෙන් වූ සංදේශයක් අද (29) දිනයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසනවා.
තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයෙන් අනතුරුව එම සංදේශය භාරදීම සඳහා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යාමට යි ඔවුන් සැලසුම් කර ඇත්තේ.

