අතිකාල දීමනාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවක් මුල් කරනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිටි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව සිය සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත්වී ඇති බවයි සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය සඳහන් කළේ.
සිය අතිකාල දීමනා ගැටලුවට විසඳුම් ලබා දීමට පියවර ගන්නා තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ඔවුන් අවධාරණය කරනවා.

