හජ් උත්සවය ජුනි 07

මෙවර හජ් උත්සවය සමරන දිනය පිළිබඳව කොළඹ මහ පල්ලිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන ජුනි 07 වන දින හජ් උත්සවය සමරන බවයි දැක්වෙන්නේ.

හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව හිජ්රි 1446 දුල් හිජ්ජහ් මාසයේ හිලාල් (නවසඳ) අද (28) දින දිස්වී තිබෙනවා.

ඒ අනුව 1446 දුල් හිජ්ජහ් මාසයේ පළමු දින මැයි 29  වනදා බවට කොළඹ මහ පල්ලිය ඒකමතිකව ප්‍රකාශ කර ඇත.