ඉන්දියාවේ තෙලන්ගානා හි පැවති 72 වන ලෝක රූ රැජින උළෙලේදී “Multimedia Challenge” අංශයේ අවසන් තරගකරුවන් 20 දෙනා අතරට පැමිණීමට ශ්රී ලංකාවේ අනුදි ගුණසේකර සමත්ව තිබෙනවා.
මෙය Miss World තරගයේ fast-track events අංශයෙන් තෝරා ගන්නා ඉහළම 20 දෙනා අතරට ශ්රී ලංකාව පැමිණි පළමු අවස්ථාව වීම විශේෂත්වයක්.
ඇය විසින් මේ වනවිට Multimedia Challenge තරඟවටයේ අවසන් අභියෝගය සඳහා නිර්මාණය කළ වීඩියෝ පටය Miss World යෙදුමට යොමුකළ තිබේ.
ඇයව අවසන් හතළිස්දෙනා අතරට ඍජුව තොරාපත් කරගැනීමට නම් පහත සඳහන් ලින්ක් එක ඇතුළට ගොස්, පෝස්ට් එක ලයික් කර, ඔබට හැකි පමණ ධනාත්මක අදහස් කමෙන්ට් කළ හැකිය.
අදාළ ලින්ක් එක – https://rb.gy/qy7a69
ශ්රී ලංකාව වෙනුවෙන් තරගවදින අනුදි ගුණසේකරට අවසන් තරඟකාරිනියන් හතළිස්දෙනා අතරට ඍජුව තේරී පත්කරගැනීමට ලැබෙන අවසාන අවස්ථාව මෙය වනවා.
ලංකාව වැනි කුඩා රටක කෙනෙක් වූ තමා ලෝක රූ රැජින තරගයේ මල්ටිමීඩියා අංශයේ ජයග්රහණය අබියස සිටීම විශේෂ දෙයක් බවයි අනුදි පවසන්නේ.

