මෙරට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව Cloak ransomware නැමැති හැකර් කණ්ඩායමක් ඉලක්කයක් වී ඇති බව FalconFeeds.io වෙබ් අඩවිය වාර්තා කරනවා.
කෙසේ වෙතත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කිසියම් දත්තයක් අවදානමට ලක් වී තිබේ ද, එම දෙපාර්තමේන්තුවෙන් කප්පම් මුදලක් ඉල්ලා තිබේද යන්න පිළිබඳව තවමත් තහවුරු කර නැහැ.
මේ අතර FalconFeeds.io සිය නිල X ගිණුම හරහා ද එම අනවසර ඇතුලු වීම පිළිබඳ දැනුවත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉකුත් අප්‍රෙල් 02 සහ මැයි 26 යන දිනවල දී මෙම අනවසර ඇතුළු වීමට ග්‍රහණය වී ඇති බවයි.
ඒ අනුව මැයි 26 වැනි දින සිදු වූ අනවසර ඇතුළු වීමේ දී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත ගොනුවට අයත් ගිගා බයිට් 617 (GB) ක දත්ත ප්‍රමාණයක් අඳුරු වෙබ් (Dark Web) අවකාශයට මුදා හැර ඇති බව ද FalconFeeds.io පවසනවා.
මෙම අනවසර ප්‍රවේශය සිදු කළ කණ්ඩායම Cloak ransomware ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් සංවේදී දත්ත සංකේතනය කිරීම සහ විකේතන යතුරු සඳහා කප්පම් ගෙවීම් ඉල්ලා සිටීමෙන් සහ සොරකම් කරන ලද තොරතුරු හෙළි නොකිරීමෙන් වින්දිතයින්ගෙන් කප්පම් ගැනීම සඳහා ප්‍රසිද්ධ කණ්ඩායමක් ලෙස දැක්වෙනවා.

