ඩොලර් මිලියන 200ක වාහන දැනට ආනයනය කරලා – මහ බැංකු අධිපති

වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

ඊයේ (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි.

එසේම මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බව ද ඔහු එහි දී අනාවරණය කළා.

මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට මුල පිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

කෙසේවෙතත් පසුගිය සමයේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසු අදියර තුනක් යටතේ වාහන ආනයනයට යළි අවසර ලබාදීමට වත්මන් රජය තීරණය කරනු ලැබුවා.