මේ ඉරිදා කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා (25) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

මේ හේතුවෙන් සිදුවන අපහසුතාව මගහරවා ගැනීමට අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙසයි ජනතාවට දැනුම් දෙන්නේ.

ඒ අනුව පහත ප්‍රදේශ වලට පෙ.ව. 8 සිට ප.ව. 8 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටවෙනු ඇත.

කොළඹ 1 සිට15 දක්වා, 
කෝට්ටේ, 
කඩුවෙල, 
බත්තරමුල්ල, 
කොලොන්නාව,
කොටිකාවත්ත, 
මුල්ලේරියාව, 
IDH, 
මහරගම, 
දෙහිවල,
ගල්කිස්ස, 
රත්මලාන සහ මොරටුව