ලොව ප්‍රධාන පෙළේ සහ පැරණිතම විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමෙරිකාවේ Harvard විශ්වවිද්‍යාලයට ජාත්‍යන්තර සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා තිබෙනවා.
එසේම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවත්, නීතියට අනුකූල වීමට අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගැනීමට සිදු වූ බවත්ය.
මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හාවර්ඩ් විශ්වවිද්‍යාල සඳහන් කර ඇත්තේ මෙම තීරණය නීති විරෝධී බවයි.
පසුගිය අධ්‍යයන වර්ෂයේදී ජාත්‍යන්තර සිසුන් 6,700 කට අධික සංඛ්‍යාවක් මෙම ආයතනයට ඇතුළත් කර ගත් බව විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙන අතර එය එහි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 27% ක් ලෙස දැක්වෙනවා.
හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 20,000කට වැඩි සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර, ඉන් රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය වන පරිදි විදෙස් සිසුන් 6,800කට ආසන්න සංඛ්‍යාවක් සිටිනවා.

