ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.
ඒ අනුව එක්දින ප්රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කර තිබෙනවා.
වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බවයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
එසේම මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි මහබැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

