ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී තිබේ.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට පැවති සියලු බැදීම් බිද දමමින් ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවට පත්වී අදට වසර 53 ක් සපිරෙනවා
1815 දී උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැණුනු අතර, එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙත පැවරිණි.
එතැන් සිට රට පාලනය කෙරුණේ, බ්‍රිතාන්‍යයේ සිහසුන දරන තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මඟිනි.
1948 පෙබරවාරි 4 වන දින ශ්‍රී ලංකාවට බ්‍රිතානයෙන් නිදහස ලැබුණු ද එය ඩොමිනියන් තත්ත්වයේ නිදහස් විය.
මේ හේතුවෙන් ව්‍යවස්ථාවෙන් ශ්‍රි ලංකාව බ්‍රිතාන්‍ය කිරීටය හා බැදි සිටියා. එසේම අධිකරණ තීන්දුවල අවසාන තීරකයා වුණේද බ්‍රිතාන්‍ය ප්රිච් කවුන්සිලය හා සාමි මණ්ඩලයයි.
මේ අනුව 1972 දක්වා ස්වාධීන රටක් ලෙස ශ්‍රී ලංකාවට පිළිගැනීමක් හිමි නොවූ අතර ශ්‍රි ලංකා රාජ්‍යයේ ප්‍රධානියා වූයේද බ්‍රිතාන්‍ය මහ රැජිණයි.
බ්‍රිතාන්‍ය කිරීටය සමග පැවති සියලු සබදතා බිද දමමින් සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජන කොටස්වල එකමුතුවෙන් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් හැකිවුණා.
ඒ අනුව බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට 1972 මැයි මස 22 දින ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
එසේ සකස් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් එතෙක් පැවති සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට ශ්‍රි ලංකා සමාජවාදී ජනරජය පිහිටුවීම සිදු වුණා.
ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස නම් කර නව ජනරජ ලාංඡනය ප්‍රකාශයට පත් කෙරුනේ ඒ සමගයි.
පසුව 1978 දී ගෙන ආ ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය පිහිටුවීම සිදු වුණා.

