පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ගැන දැනුම් දීමක්

පළාත් පාලන ඡන්දයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය, කාන්තා නියෝජනය පිළිබඳව තීන්දු කිරීමෙන් පසු නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා සඳහන් කළේ, පක්ෂවලින් තෝරා ගතයුතු කාන්තා සභික සංඛ්‍යාව තීන්දු කිරීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය  25% ක් විය යුතු වනවා.

ඒ අනුව ජයග්‍රහණය කළ පක්ෂවල ඡන්ද ප්‍රතිශත මත, සූත්‍රයක් හරහා ඒ ඒ පක්ෂ වල කාන්තා නියෝජිත සංඛ්‍යාව පිළිබඳව තීරණය කරනු ලබනවා.

ඉන් අනතුරුව අදාළ කාන්තා නියෝජිතවරියන් නම්කර එවන්නැයි දේශපාලන පක්ෂ වලට දැනුම් දෙන බවයි.

ඊට අදාළ සියලු කටයුතු අවසන් වූ පසු, 2025 පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ සභික නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ.

එම ගැසට්ටුවේ සභාපතිවරුන්, උප සභාපතිවරුන් ඇතුලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ නම් ඇතුළත් සඳහන් කර තිබෙනවා.