Rohit Sharma ටෙස්ට් පිටියට සමු දෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Rohit Sharma සිය ටෙස්ට් දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

Instagram පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

ඔහු සමුගන්නා විට වසර 11ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති අතර එම කාලය තුළ ඔහු තරඟ 67 ක් ක්‍රීඩා කරමින් ශතක 12 ක් ඇතුළුව ලකුණු 4301 ක් ද රැස් කර ගෙන තිබෙනවා.

2022 දී විරාත් කෝලිගෙන් පසු ඔහු එම ටෙස්ට් තරඟ 24 කදී ඉන්දියාවට නායකත්වය දෙනු ලැබුවා.