නුවර ලස්සන කරන ඒ අයටත් දළදා වඳින්න අවස්ථාවක්

පුරා දින දහයක් ඔස්සේ පැවැත්වුණු සිරි දළඳා වන්දනාව අද (27) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ සඳහන් කළේ සිරි දළඳා වන්දනාවට පිරිසිදු කිරීම හරහා සහයෝගය දැක්වූ නගර සභා සහ පළාත් පාලන ආයතනවල කම්කරුවන්ට දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද අවස්ථාව ලබාදී ඇති බවයි.

මහනුවර නගර සභාවේ කම්කරු ප්‍රජාවට අමතරව අවට පළාත් පාලන ආයතනවල සේවකයන්ට දළදා වහන්සේ වැද පුදා ගැනීමට අද අවස්තාව ලබා දී තිබෙනවා.