රුපියල් මිලියන 145,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 145,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (29) සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 50,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

එමෙන්ම දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 55,000 ක භාණ්ඩාගාර බිල්පත් ද මෙදින වෙන්දේසි කිරීමට නියමිතයි.