ඩිපෝව ලාබ ලබන ආයතනයක් කරන්න මාසයක කාලයක්

ලාභ ලබන හා ගුණාත්මක සේවාවක් ලබා දීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ කළමනාකරුවන්ට ලබන මස අවසානය තෙක් කල් දී ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

එසේ නොකරන පුද්ගලයින් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ.

නව රජය බලයට පැමිණීමෙන් පසු ලංගම ඩිපෝ කළමනාකාර තනතුරු 20කට ආසන්න සංඛ්‍යාවකට පමණක් වෙනත් පුද්ගලයින් පත් කළ බව ද ඔහු සඳහන් කළා.

ඔහු පැවසුවේ සෙසු සියලු පුද්ගලයින් පසුගිය ආණ්ඩු සමයේ පත්වීම් ලැබූවන් බවයි.

කෙසේ වෙතත් නව රජයේ ප්‍රතිපත්ති අනුව ලංගම ඩිපෝ මෙහෙයවීම සඳහා ඔවුන්ට මෙතෙක් කල් ලබා දුන් බව ද, නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

මේ වනවිට ලංගම ඩිපෝ 107ක් ක්‍රියාත්මක වන නමුත් ඉන් ලාභ ලබන ඩිපෝ පවතින්නේ 60කට ආසන්න සංඛ්‍යාවක් පමණක් වනවා.