සිරි දළදා වන්දනාව අද අටවන දිනටත්

ලෝකවාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් සිරි දළදා වන්දනාව අද (25) 8 වැනි දිනටත් පැවැත්වෙනවා.

පෙරවරු 11.00ට  ආරම්භ වන සිරි දළදා වන්දනාව පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත් සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවරට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ වනවිටත් ලක්ෂ 3 කට අධික සැදැහැවතුන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා සඳහන් කළේ.

අද දිනයේත් සිරි දළදා වන්දනාව සඳහා එම පිරිස ප්‍රමාණවත් බව, ඔහු සැදැහැවතුන්ට දැනුම් දෙයි.

සිරි දළදා වන්දනාව ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙනවා.

https://daladadekma.police.lk/sutabletime යන සබැඳිය හරහා පෝලිම් වල තොරතුරු ආදිය දැන ගත හැකි වනවා.