පුංචි ඡන්දයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද සිට

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙන් ගෙට ගොස් බෙදා හැරීම අද(19) ආරම්භ වනවා.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසුවේ ලබන 27 වැනිදා, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

එසේම ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.

මේ අතර සියලු තැපැල් ඡන්ද පත්‍රිකා ලබන 21 වෙනිදා වන විට බෙදා අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වන විට පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා බෙදා අවසන් කර තිබේ.