වසරේ මේ දක්වා ඩෙංගු මරණ පහක්

මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කරනවා.

මෙම කාලය තුළ ඩෙංගු රෝගීන් 14,678 ක් වාර්තා වී තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

වැඩිවන රෝගීන් සංඛ්‍යාවට ප්‍රතිචාර වශයෙන්, මෙම සති අන්තයේ කලාපීය මට්ටමින් පාසල්වල ඩෙංගු මර්දන වැඩසටහන් දියත් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර ඇත.

පසුගිය වසරේ වාර්තා වූ මුළු ඩෙංගු රෝගීන් ගණන 49,870 ක් වනවා.